කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි ආල වඩන යන තේරුම බෝසත් කම සකි ගී පද - ධර්මසිරි ගමගේ ගී තනු - වික්ටර් රත්නායක ගායනය - සුනිල් එදිරිසිංහ චිත්‍රපටය - හුලවාලි මම ගොඩක් ආස ගීතයක්. පහතින් තියෙන්නෙ මේ ගීතය ගැන මම කියවපු හොදම විග්‍රහය. මේ ච්ත්‍රපටයේ මෙන්ම මෙම ගීතයේද සංගීත අධ්‍යක්ෂණය කරන්නේ වික්ටර් රත්නායකයන්ය, ගායනය සුනිල් එදිරිසිංහයන්ය, එම් කේ රොක්සාමි,ඩී ඩී ගුණසේන,අමරසිරි පීරිස් ,සෝමපාල රත්නායක,සොයිසා,නිසීන්,එන් ඩබ්ලිව් පීරිස් ,ඩයමන් පෙරේරා,නූර් මොහොමඩ් ,වික්ටර් පෙරේරා,වයි එම් සුමනසිරි, විජේරත්න,රෝහන බෝගොඩ.ස්ටැන්ලි, ආදී එවකට අතිශය සුප්‍රකට වාදකයන් මේ ගීය සඳහා සංගීතය සැපයීමට වික්ටර් රත්නායකයන් හා එකතුවෙයි. කුඩා ගමේ මද්දහනේ අව...