කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි
ගී පද - ධර්මසිරි ගමගේ
ගී තනු - වික්ටර් රත්නායක
ගායනය - සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය - හුලවාලි
මම ගොඩක් ආස ගීතයක්. පහතින් තියෙන්නෙ මේ ගීතය ගැන මම කියවපු හොදම විග්‍රහය.
මේ ච්ත්‍රපටයේ මෙන්ම මෙම ගීතයේද සංගීත අධ්‍යක්ෂණය කරන්නේ වික්ටර් රත්නායකයන්ය, ගායනය සුනිල් එදිරිසිංහයන්ය, එම් කේ රොක්සාමි,ඩී ඩී ගුණසේන,අමරසිරි පීරිස් ,සෝමපාල රත්නායක,සොයිසා,නිසීන්,එන් ඩබ්ලිව් පීරිස් ,ඩයමන් පෙරේරා,නූර් මොහොමඩ් ,වික්ටර් පෙරේරා,වයි එම් සුමනසිරි, විජේරත්න,රෝහන බෝගොඩ.ස්ටැන්ලි, ආදී එවකට අතිශය සුප්‍රකට වාදකයන් මේ ගීය සඳහා සංගීතය සැපයීමට වික්ටර් රත්නායකයන් හා එකතුවෙයි.
කුඩා ගමේ මද්දහනේ අව් රශිමිය නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා
ගීතයේ පළමු කොටසින් චිත්‍රපටයේ එතෙක් සම්පූර්ණ කථාව දිගහැරෙනවා, ධාරා ප්‍රභා හා විසීමට කල කැපකිරීම් එහි මනාකොට අන්තර්ගතයි, දැඩි සූර්ය රශ්මියේ ගිණිගත් කදු හෙල් තැනිතලා වල දඩයම පිණිස ඔහු යන්නේ ඔහුගේ සුබ විහරන සඳහා නොවේ .ඒ හුදෙක්ම තම ප්‍රිය වන්තියගේ ඕනෑ එපාකම් සන්දර්පනය කරන්නටය, ඒ සියල්ල සිදුකරන්නේ දැඩි භක්තියකිනි ,සෙනෙහසකිනි,
එවන් ගමන් මානම් ගියෙ සෙනෙහස ගැන සිතා,
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා
මේ පදයෙන් බොහෝ කතා කියයි,ජීවිතය පරදුවට තබා කහවනු සොයන්නේ ඈ වෙනුවෙනි,තම කාය ශක්තිය වැයකර ඉමක් කොනක් නැති වනයේ සරන්නේ ආදරය නිසාය. ඈ සතුටුකරවීමට ධාරා නොකරන දෙයක් නැත. , ඒ සෙනෙහස නමින් කල නොහැක්කක්ද නැත යන්න මේ පද පෙලෙන් මනා ලෙස ගම්‍ය වෙයි.
මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
විරහව ඇරඹෙන්නේ මෙවක් පටන්ට. පලමු පද පෙලෙන් අතීතාවරජනයකත් කැපකිරීමක් පිලිබඳවත් සිතූ ඔහු, දැන් තමාට අත්වූ ඉරනම ගැන කම්පාවෙයි, ඇගේ ගුණ මකු කම් ගැන සිතයි, ඈ කැන්දන් ආ දවසේ ඈට නොයෙක් සලු පිළි දුනි, ඈ අද යන්නට ගොස් ඇත්තේද මා විසින්ම දුන් සලුවකින් වත වසාය, ඒ පිටතට පෙනෙන කථාවයි, එහි නොපෙනෙන කථාව නම්, බිබිලේ ඇත්තන් ධාරා හමුවට එයි ඒ හමුවෙන් ප්‍රභා හා සම්බන්ධයට පාර තැනෙයි, ඔහු එසේ නොකලානම් අදද ප්‍රභා ධාරා සතුයැයි පරිකල්පණයක්ද එහි වෙයි,
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී
ගීතයේ උච්චතම අවස්ථාව මෙයයි,ගීතයේ ප්රභාශ්වරම අවසන මෙයයි,මා එතෙක් මෙතෙක් ලාංකේය ගීතයේ මෙවන් සරළ මුත් එතරම්ම ගැඹුරු යෙදුමක් දැක නැත. ආලවඩන කම බෝධිසත්වයන් සතු උතුම් ගුණයකි, ඒ ගුණය සාමාන්‍ය මනුශ්යන් අතර දුලබය, මේ දුලබත්වය විරහව තුලට ආදේශ කරගන්නා ධාරා ඉන් සැනසෙන්නට උත්සහකරයි,ඒ උත්සහය අපේ සිත් තුල ඔහු සදාතනික වීරයෙකු කරයි, ඉන් ඔබ්බට බෝධිසත්ව චරිතයක් කරයි,
ආලවඩන යන අකුරු පහ තේරවිල්ලකි සබඳ.....එය හුදු ලිංගිකත්වයම නොවේ, හදවතින් බැඳි බැම්මක් වෙන්ව ගිය කල කුමට අප හඬමුද? මන්ද යත් ආලවඩන යන්නෙහි අර්ථය බෝසත් බවයි, නියමාකාරයෙන් මා කෙලෙස ඔබට පෙම් කරන්නෙම්ද ඒ බෝසත් බව මාතුල නොහී කොට,...එහෙයින් මා කඳුලු නොසලමි, උපේක්ශාවෙන් බලා සිටිමි.
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න.
උපුටා ගැනීම http://sithtv.com

බෙහෙවින්ම ස්තුති මේ අපුරු ගීතයට ඔබ එක් කළ කදිම විචාරයට.....ලියන්න දිගටම කවුරු නැති උනත් කියවන මා බලා සිටිමි.....මේ විචාරය මම " ස්වර වර්ණ ගී මිහිර පිටුවට ඉතාම සතුටින් යොමු කරමි.ඔබේ ලේඛන කලාව නම් මනරම්....ස්තුති ඔබට...
ReplyDelete