Skip to main content

Posts

Showing posts from 2015

ආල වඩන යන තේරුම බෝසත් කම සකි

කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි ආල වඩන යන තේරුම බෝසත් කම සකි ගී පද - ධර්මසිරි ගමගේ ගී තනු - වික්ටර් රත්නායක ගායනය - සුනිල් එදිරිසිංහ චිත්‍රපටය - හුලවාලි මම ගොඩක් ආස ගීතයක්. පහතින් තියෙන්නෙ මේ ගීතය ගැන මම කියවපු හොදම විග්‍රහය. මේ ච්ත්‍රපටයේ මෙන්ම මෙම ගීතයේද සංගීත අධ්‍යක්ෂණය කරන්නේ වික්ටර් රත්නායකයන්ය, ගායනය සුනිල් එදිරිසිංහයන්ය, එම් කේ රොක්සාමි,ඩී ඩී ගුණසේන,අමරසිරි පීරිස් ,සෝමපාල රත්නායක,සොයිසා,නිසීන්,එන් ඩබ්ලිව් පීරිස් ,ඩයමන් පෙරේරා,නූර් මොහොමඩ් ,වික්ටර් පෙරේරා,වයි එම් සුමනසිරි, විජේරත්න,රෝහන බෝගොඩ.ස්ටැන්ලි, ආදී එවකට අතිශය සුප්‍රකට වාදකයන් මේ ගීය සඳහා සංගීතය සැපයීමට වික්ටර් රත්නායකයන් හා එකතුවෙයි. කුඩා ගමේ මද්දහනේ අව...

ජීවිතය, මරණය සහ නිදහස

ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු මහා ඇලෙක්සැන්ඩර් රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය. තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ...