Skip to main content

අද නිකිනි පළමු වන දා

“යලට වෙල් බත, දිවුල්, මොර පලු
දොරට වඩනා නිකින්නේ
මහට ගොවි බිම් වැවේ පිළියම්
වේලි ‘පායන’ නිකින්නේ
සිතට සුව දෙන යුගාසන බණ
දේව කාරියි කෙරෙන්නේ
ගමට සිරිසෙත් සාන්තිය දෙයි
ඉඩෝරේ මුත් නිකින්නේ”


මේ තියෙන්නෙ නිකිනි සීපදයක්. මේක ඉස්සුවේ කේ. බී. මානෑව සිළුමිණ පත්තරේට ලියපු ලිපියකින්. නිකිණි මාසය කියන්නෙ ගොවිතැන් බත් කරන අයට ඉඩෝර මාසය.  පොඩිඋන්ට සරැංගල් මාසය.  ඒ් විතරක් ද පළමු ධර්ම සංගායනාව පැවැත්වුවෙත් නිකිණි මාසේ.

නිකිණි පළමු දා මේක ලියන්න පටන් ගත්ත නිසා නිකින්න ගැන ම ලිවුවා. 

 

Comments

Popular posts from this blog

ආල වඩන යන තේරුම බෝසත් කම සකි

කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි ආල වඩන යන තේරුම බෝසත් කම සකි ගී පද - ධර්මසිරි ගමගේ ගී තනු - වික්ටර් රත්නායක ගායනය - සුනිල් එදිරිසිංහ චිත්‍රපටය - හුලවාලි මම ගොඩක් ආස ගීතයක්. පහතින් තියෙන්නෙ මේ ගීතය ගැන මම කියවපු හොදම විග්‍රහය. මේ ච්ත්‍රපටයේ මෙන්ම මෙම ගීතයේද සංගීත අධ්‍යක්ෂණය කරන්නේ වික්ටර් රත්නායකයන්ය, ගායනය සුනිල් එදිරිසිංහයන්ය, එම් කේ රොක්සාමි,ඩී ඩී ගුණසේන,අමරසිරි පීරිස් ,සෝමපාල රත්නායක,සොයිසා,නිසීන්,එන් ඩබ්ලිව් පීරිස් ,ඩයමන් පෙරේරා,නූර් මොහොමඩ් ,වික්ටර් පෙරේරා,වයි එම් සුමනසිරි, විජේරත්න,රෝහන බෝගොඩ.ස්ටැන්ලි, ආදී එවකට අතිශය සුප්‍රකට වාදකයන් මේ ගීය සඳහා සංගීතය සැපයීමට වික්ටර් රත්නායකයන් හා එකතුවෙයි. කුඩා ගමේ මද්දහනේ අව...

සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ...

සැබෑ පෙම්වතුන්  කිසිදාක එක් නොවේ, එක් වූ කිසිවෙකුත්  සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ, වෙන් වී ගියවුන්  සදාකල් පෙම්වතුන් ලෙසම  ජිවත් වේ...                                    - ලූෂන් බුලත්සිංහල ලූෂන් බුලත්සිංහල ශූරීන්ගෙ අත් අකුරින් ලියපු මේ සටහන රැගත් ඊමේල් එකක් ටික කලකට පෙර හැමතැනම පැතිරී ගියා මතකයි. අද එකපාරටම මේක ආයෙමත් හිතට ආවා. ඇදෙන් බහිද්දි ම වික්ටර් රත්නායකගෙ හඩින් ඇහිච්ච මේ ආදරණීය ගීතය ඒකට හේතුවක් වෙන්න ඇති. "සඳ කැන් වැටිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ ... සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි"  ආදරය විරහව කියන්නේ හිතේ ගැඹුරැම තැන් ස්පර්ෂ කරණ සංවේදනයන්, ආදරයටත් වඩා විරහවට හිත ඇළුම් කරනවා කියල බොහෝ වෙලාවල් වලදි හිතෙනවා.

ජීවිතය, මරණය සහ නිදහස

ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු මහා ඇලෙක්සැන්ඩර් රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය. තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ...